Header

Sri Lanka Army

Defender of the Nation

03rd January 2023 20:10:12 Hours

4 වන ගැමුණු හේවා බලකායේ භටපිරිස්හි මූලිකත්වයෙන් තවත් සමාජ සත්කාරක වැඩසටහනක්

උත්සව සමය වෙනුවෙන් ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 23 වන සේනාංකයේ 231 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 4 වන ගැමුණු හේවා බලකායේ භටපිරිස් මූලිකත්වයෙන් මඩකලපුව, සතුර්කොන්දන්හි පිහිටි විශේෂ අවශ්‍යතා සහිත ළමුන් වෙනුවෙන් ඇති ‘ඕසානම්’ (Ozanam) ළමා නිවාසයේ නේවාසිකව සිටින ළමුන් 26 දෙනෙකු සඳහා ප්‍රණීත දිවා ආහාර වේලක් සහ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ඇසුරුම් තොගයක් 2022 දෙසැම්බර් 26 වැනි දින පිරිනමනු ලැබූහ.

මෙම සමාජ සත්කාරක වැඩසටහන සඳහා 4 වන ගැමුණු හේවා බලකායේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ඒ.ඒ.එම්.පී ගුණරත්න ඇතුළු එම ඒකකයේ භටපිරිස් මූල්‍යමය දායකත්වය ලබාදුන් අතර, එම අවස්ථාවට අණදෙන නිළධාරිතුමන්ද සහභාගී විය.