Header

Sri Lanka Army

Defender of the Nation

03rd January 2023 20:25:22 Hours

තවත් ශාරීරික පුහුණු උපදේශකවරුන් පිරිසක් විසිර යති

පනාගොඩ පිහිටි යුද්ධ හමුදා ශාරීරික අභ්‍යාස පුහුණු පාසල වෙතින් පවත්වනු ලැබූ පුහුණු උපදේශක පාඨමාලාවන්හි විසිරයාමේ පෙළපාලිය පසුගිය සිකුරාදා (30) දින එම පුහුණු පාසලේදී පැවති අතර, එහිදී නිලධාරින් වෙනුවෙන් පවත්වනු ලැබූ ශාරීරික පුහුණු උපදේශක පාඨමාලාව සහ සෙසුනිලයන් වෙනුවෙන් පවත්වනු ලැබූ උසස් ශාරීරික පුහුණු උපදේශක පාඨමාලාව, සහකාර ශාරීරික පුහුණු උපදේශක පාඨමාලාව සහ පිහිනුම් උපදේශක පාඨමාලාව යන පාඨමාලාවන් හදාරනු ලැබූ ශාරීරික පුහුණු උපදේශකවරුන් වෙනුවෙන් ජාතික වෘත්තීය සුදුසුකම් - 4 මට්ටමේ සහතිකපත් ප්‍රදානය කිරීම සිදුවිය.

පනාගොඩ යුද්ධ හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවති මෙම ඒකාබද්ධ වැඩසටහන සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් දීපාල් පුස්සැල්ල සහභාගී විය.

මාස තුනකට අධික කාලයක් පැවති මෙම පාඨමාලාවන්හිදී නිලධාරින් 12 දෙනෙකු සහ සෙසුනිලයන් 203 දෙනෙකු ශාරීරික පුහුණු උපදේශකවරුන් ලෙසත් තවත් සෙසුනිලයන් 10 දෙනෙකු පිහිනුම් උපදේශකවරුන් ලෙසත් සුදුසුකම් ලැබූහ.

ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර වෙතින් නිලධාරින් වෙනුවෙන් පවත්වනු ලැබූ ශාරීරික පුහුණු උපදේශක පාඨමාලා අංක 14 දින 77 ක් සහ සෙසුනිලයන් වෙනුවෙන් පවත්වනු ලැබූ උසස් ශාරීරික පුහුණු උපදේශක පාඨමාලා අංක 44 දින 65 ක්, සහකාර ශාරීරික පුහුණු උපදේශක පාඨමාලා අංක 127 දින 52 ක් සහ පිහිනුම් උපදේශක පාඨමාලා අංක 25 දින 48 ක් පුරාවට පැවැත්විණි.

යුද්ධ හමුදා ශාරීරික පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක කර්නල් රුක්‍ෂාන් කන්නන්ගර විසින් මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි මේජර් ජෙනරල් දීපාල් පුස්සැල්ල ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.