Header

Sri Lanka Army

Defender of the Nation

03rd January 2023 20:28:39 Hours

මානව හිමිකම් සහ මානුෂවාදී නීති අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නව අධ්‍යක්‍ෂ රාජකාරි අරඹයි

යුද්ධ හමුදා මූලස්ථානයේ මානව හිමිකම් සහ මානුෂවාදී නීති අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නව අධ්‍යක්‍ෂ ලෙස ගජබා රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් දිනේෂ් උඩුගම විසින් අඟහරුවාදා (03) දින පැවති චාම් උත්සවයකදී සිය රාජකාරි භාරගන්නා ලදී.

මහා සංඝරත්නයේ සෙත් පිරිස් සජ්ඣායනා මධ්‍යයේ බ්‍රිගේඩියර් දිනේෂ් උඩුගම සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් මානව හිමිකම් සහ මානුෂවාදී නීති අධ්‍යක්‍ෂ ලෙස නව ධූරයේ රාජකාරි කටයුතු භාරගෙන තිබිණි.

රාජකාරි භාරගැනීමෙන් අනතුරුව, බ්‍රිගේඩියර් දිනේෂ් උඩුගම එම අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නිලධාරින් සහ සෙසුනිලයන් අමතමින් සිය ඉදිරි දැක්ම පිළිබඳ ප්‍රකාශ කරනු ලැබීය.