Header

Sri Lanka Army

Defender of the Nation

03rd January 2023 20:31:58 Hours

54 වන සේනාංකයේ නව සේනාංකාධිපති සිය රාජකාරි කටයුතු අරඹයි

මන්නාරම ප්‍රදේශයේ ස්ථාපිත 54 වන සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරල් නලින්ද නියංගොඩ දෙසැම්බර් මස 30 දින එම සේනාංක මූලස්ථානයේදී හමුදා සම්ප්‍රදායානුකූලව සිය රාජකාරි කටයුතු භාරගත්තේය.

සේනාංක මූලස්ථානය වෙත සපැමිණි මේජර් ජෙනරල් නලින්ද නියංගොඩ වෙත යුද්ධ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනැමූ අතර, අනතුරුව එතුමන් රණවිරු ස්මාරකය අභියසදී මානූෂිය මෙහෙයුමේදි දිවිපිදූ වීරෝදාර රණවිරුවන් වෙනුවෙන් ගෞරවාචාරය පුදකරනු ලැබීය. ඉන් පසුව ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය පිරිනැමූහ.

අනතුරුව, සර්ව ආගමික වතාවත් මධ්‍යයේ මේජර් ජෙනරල් නලින්ද නියංගොඩ සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් 54 වන සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස සිය ධූරයේ රාජකාරි කටයුතු භාරගනු ලැබිණි.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් නව සේනාංකාධිපතිතුමන් සමූහ ඡායාරූප කිහිපයක් සදහාද පෙනී සිටි අතර, කඳවුරු පරිශ්‍රයේ පැළයක්ද රෝපණය කරනු ලැබීය.

නව සේනාංකාධිපතිතුමන් හමුදා සම්ප්‍රදායානුකූලව එම සේනාංකයේ සියලු නිලයන් ඇමතූ අතර එහිදී, සේනාංකයේ අභිවෘද්ධිය වෙනුවෙන් එතුමන්ගේ දැක්ම පිළිබඳව පැහැදිලි කරමින් මනා කැපවීමෙන් හා උසස් විනයකින් යුතුව රාජකාරි කටයුතු සිදුකරන ලෙස භටපිරිස් දැනුවත් කළේය.

එම උත්සව අවස්ථාව සඳහා 541, 542 සහ 543 වන බලසේනාවන්හි බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරීන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.

නව ධුරයේ රාජකාරි කටයුතු භාරගැනීමට පෙර මේජර් ජෙනරල් නලින්ද නියංගොඩ දියතලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ සේනාවිධායක ලෙස කටයුතු කරනු ලැබීය.