Header

Sri Lanka Army

Defender of the Nation

03rd January 2023 20:34:39 Hours

පනාගොඩ යුද්ධ හමුදා ජනපදයේ තවත් පැළ රෝපණ ව්‍යාපෘතියක්

පනාගොඩ ප්‍රදේශයේ ස්ථාපිත ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර හරිතකරණය කිරීම සහ දැනට ක්‍රියාත්මක වන ගෙවතු වගා ව්‍යාපෘතියට සහයෝගය දැක්වීමේ අරමුණින් පසුගිය සඳුදා (2) දින කඳවුරු පරිශ්‍රයේ ස්ථාපිත රෙජිමේන්තු මධ්‍යස්ථාන සහ ඒකක වෙත කොස්, මී සහ මහෝගනී පැළ 200 ක් බෙදා දෙන ලදී.

ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් දීපාල් පුස්සැල්ල ගේ සංකල්පයකට අනුව යුද්ධ හමුදාව වෙතින් ක්‍රියාත්මක කරනු ලබන ගෙවතු වගා ව්‍යාපෘතියට සහයෝගය දැක්වීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලැබීය.

ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර සම්බන්ධීකරණය මත කළුතර ප්‍රාදේශීය අඩවි වන කාර්යාලය මගින් මෙම පැළ යුද්ධ හමුදාව වෙත ලබාදෙනු ලැබීය.