Header

Sri Lanka Army

Defender of the Nation

31st December 2022 12:41:01 Hours

ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය සිය බලප්‍රදේශයේ සංචාරයක

ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය නව ආඥාපති මේජර් ජෙනරල් ස්වර්ණ බෝතොට දෙසැම්බර් මස 28 සිට 30 දින දක්වා කාලය තුල 51, 52 සහ 55 වන සේනාංකයන්හි සිය ප්‍රථම නිල සංචාරයේ නිරත විය.

එතුමන් ප්‍රථමයෙන් 51 වන සේනාංකයටත්, අනතුරුව 52 වන සේනාංකයට සහ සංචාරයේ සමාප්තිය සනිටුහන් කරමින් 55 වන සේනාංක මූලස්ථානයේත් සංචාරයේ නිරත විය. සංචාරයේ නිරත ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් ස්වර්ණ බෝතොට වෙත එම සේනාංක මූලස්ථානයන්හි ප්‍රධාන දොරටු අභියසදී හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකරමින් පිළිගනු ලැබූහ. ඉන් අනතුරුව, කෝපායි ප්‍රදේශයේ ස්ථාපිත 51 වන සේනාංක මූලස්ථානයේදී එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් වජිර වෙලගෙදරත්, මිරුසුවිල් ප්‍රදේශයේ ස්ථාපිත 52 වන සේනාංක මූලස්ථානයේදී එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සංජීව ප්‍රනාන්දු සහ කඩ්ඩෙයිකාඩු ප්‍රදේශයේ ස්ථාපිත 55 වන සේනාංක මූලස්ථානයේදී එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ප්‍රසන්න ගුණරත්න විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබූහ.

මෙම සංචාරයන්හිදී, ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් ස්වර්ණ බෝතොට විසින් හමුදා සම්ප්‍රදායානුකූල භටපිරිස් ඇමතීම, පැළ සිටුවීම සහ සමූහ ඡායාරූප සඳහා සහභාගී වීම ද සිදුකරන ලදී.

මෙම සංචාරයේදී, එතුමන් සිය බලප්‍රදේශයේ ස්ථාපිත බලසේනාවන්, ඒකක සහ බලඇණි පුහුණු පාසල්වලද සංචාරයේ නිරත විය.

මෙම සංචාරයන් සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි, බ්‍රිගේඩියර් පාලන හා භඨකාර්ය සම්පාදන නිලධාරි, බලසේනාධිපතිවරුන්, ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි, අණදෙන නිලධාරින් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ භටපිරිස් ද සහභාගී වූහ.

මෙම සංචාරයට සමගාමීව ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් ස්වර්ණ බෝතොට පසුගිය අඟහරුවාදා (03) දින ඉදිරි නඩත්තු පෙදෙස - උතුර මූලස්ථානයේ සහ ඒ යටතේ ස්ථාපිත භඨකාර්ය සම්පාදන එකකයන්හී සිය ප්‍රථම නිල සංචාරයේ නිරත වූවේය.

4 වන ශ්‍රී ලංකා පොලිස් හේවා බලකායේ භටපිරිස් විසින් සංචාරයේ නිරත මේජර් ජෙනරල් ස්වර්ණ බෝතොට වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ (drive pass) ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - උතුර බ්‍රිගේඩියර් ක්ලිෆර්ඩ් ද සොයිසා විසින් එතුමන් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. පසුව, එම කඳවුරු පරිශ්‍රයේ අඹ පැළයක් රෝපණය කර භටපිරිස් ඇමතූ ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියේය.

4 වන ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා මූලස්ථානයේ සංචාරය කළ ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය එම කඳවුරු පරිශ්‍රයේ අඹ පැළයක් රෝපණය කර සමූහ ඡායාරූපයකට ද පෙනී ද සිටියේය. එහිදී, එම ඒකකය වෙතින් සිදුකරනු ලබන වාහන නඩත්තු කිරීමේ සහ වැඩිදියුණු කිරීමේ ක්‍රියාවලියේ ප්‍රගතිය පිළිබඳව ද එතුමන් නිරීක්‍ෂණය කළේය.

මෙම අවස්ථාව සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය බ්‍රිගේඩියර් පාලන හා භඨකාර්ය සම්පාදන නිලධාරි, අණදෙන නිලධාරීන්, නිලධාරීන් සහ ඉදිරි නඩත්තු පෙදෙස - උතුර භටපිරිස් ද සහභාගී වූහ.