Header

Sri Lanka Army

Defender of the Nation

03rd January 2023 07:40:15 Hours

යුද්ධ හමුදා භටපිරිස්හි මූලිකත්වයෙන් තවත් සමාජ සත්කාරක වැඩසටහනක්

කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදීගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කවිසිගමුව ග්‍රාම නිලධාරී වසමේ වෙසෙන සිවිල් වැසියන්ගේ ඉල්ලීමකට අනුව ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 14 වන සේනාංකයට අයත් 143 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 1 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස්හි ශ්‍රම දායකත්වය මත එම ප්‍රදේශයේ ජනතාවගේ පානීය ජල අවශ්‍යතා සපුරන ළිං කීපයක් පිරිසිදු කිරීමේ සමාජ සත්කාරක වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.

පසුගිය දිනවල ඇති වූ ගංවතුර තත්ත්වයන් හමුවේ එම ළිං අපවිත්‍ර වීම හේතුවෙන් ප්‍රදේශයේ ජනතාවගේ පානීය ජල අවශ්‍යතාවය පිළිබඳව ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් දීපාල් පුස්සැල්ල දැනුවත් වීමෙන් අනතුරුව එතුමන් විසින් ලබාදුන් උපදෙස් මත 14 වන සේනාංකයේ භටපිරිස් එම ළිං පිරිසිදු කිරීමේ කටයුතු සඳහා සහභාගී වූහ.

මෙම පිරිසිදු කිරීමේ වැඩසටහන දෙසැම්බර් මස 27 සිට 29 දින දක්වා කාලය තුළ පැවැත්වූ අතර, ඒ සඳහා අවට ප්‍රදේශවාසීන්ගේ සහයෝගය ද හිමි විය.