Header

Sri Lanka Army

Defender of the Nation

31st December 2022 12:32:46 Hours

16 වන ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් මූලිකත්වයෙන් වියළි ආහාර සලාක පාර්සල් පරිත්‍යාගයක්

ආරක්‍ෂක සේනා මූලස්ථාන - බටහිර යටතේ ස්ථාපිත 14 වන සේනාංකයේ 143 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 16 වන ගජබා රෙජිමේන්තුවේ භටපිරිස්හි මූලිකත්වයෙන් පුත්තලම තබ්බෝව ප්‍රදේශයේ දැඩි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන පවුල් වෙත රු.20,000.00 වටිනාකමකින් යුත් වියළි ආහාර සලාක පාර්සල් පරිත්‍යාග කරන ලදී.

යුද්ධ හමුදා භටපිරිස් විසින් එම පවුල්හි ආර්ථික තත්ත්වය පිළිබඳව අවධානය යොමුකරමින් ඒ පිළිබඳව 143 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ෆවුමි කිචිලන් දැනුවත් කිරීමෙන් අනතුරුව හැටන් නැෂනල් බැංකුවේ සහකාර සාමාන්‍ය අධිකාරී (නීති අංශය) තුෂාරි රණවීර මහත්මියගේ මූල්‍යමය අනුග්‍රාහකත්වය මත මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.

16 වන ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී මේජර් එස්.ඒ.ඩී.පී ජයරත්න විසින් මෙම සමාජ සත්කාරක වැඩසටහනෙහි සම්බන්ධීකරණ කටයුතු සිදුකරන ලද අතර, යුද්ධ හමුදා භටපිරිස් විසින් එම ප්‍රතිලාභී පවුල්හි නිවෙස් වෙත ගොස් සහල්, ධාන්‍ය වර්ග, කිරිපිටි පැකට්, මිරිස්, කරවල, ටින්මාළු, අල, පරිප්පු, කුළුබඩු වලින් සමන්විත වියළි ආහාර සලාක ඇසුරුම් බෙදාදෙන ලදී.