Header

Sri Lanka Army

Defender of the Nation

31st December 2022 12:41:04 Hours

241 වන බලසේනාවේ භටපිරිස් සම්බන්ධීකරණයෙන් ප්‍රජා සත්කාරක වැඩසටහනක්

ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 24 වන සේනාංකයේ 241 වන බලසේනාවේ භටපිරිස් සම්බන්ධීකරණයෙන් සිදුකරනු ලබන ප්‍රජා සත්කාරක ව්‍යපෘතීන්හි තවත් එක් වැඩසටහනක් වශයෙන් පූජ්‍ය ගලිගමුවේ ඤාණප්‍රදීප හිමියන් ප්‍රමුඛ ‘ගුණ ජය සතුට පදනම’ සමඟ එක්ව පියංගල, උහන ප්‍රදේශයේ පදිංචි අඩු ආදායම්ලාභී සිවිල් වැසියන්ගේ ජීවන තත්ත්වය නගා සිටුවීම සඳහා කිරි ගවයන් මෙන්ම අත්‍යාවශ්‍ය වියළි ආහාර සලාක පාර්සල් සහ ගර්භනී කාන්තාවන් සඳහා පෝෂ්‍යදායි ආහාර සලාක පාර්සල් පසුගිය බ්‍රහස්පතින්දා (22) දින පියංගල ආරණ්‍ය සේනාසනය අසපුවේදී එම පවුල් වෙත බෙදා දෙනු ලැබූහ.

එහිදී අඩු ආදායම්ලාභී පවුල් 50 ක් සඳහා වියළි සලාක පාර්සල් 50ක්, ගොවි මහතුන් 13 දෙනෙකු වෙත කිරි ගවයින් 14 දෙනකු ඇතුළුව කෘෂි කාර්මික උපකරණ සහ ගැබිණි කාන්තාවන් 50 දෙනෙකු සඳහා පෝෂ්‍යදායි ආහාර සලාක පාර්සල් 50ක් ද බෙදාදෙනු ලැබීය.

24 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ අධීක්‍ෂණය මත එම සේනාංකයේ භටපිරිස් විසින් මෙම සමාජ සත්කාරක වැඩසටහන සංවිධානය කරන ලද අතර, එහිදී බෙදාදුන් පරිත්‍යාග භාන්ඩයන්හි මුළු වටිනාකම රුපියල් මිලියන 3 ක් විය.

ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් සුජීව හෙට්ටිආරච්චි විසින් ලබාදුන් උපදෙස් මත 24 වන සේනාංකයේ කාර්යයේ නියුතු සේනාංකාධිපති සහ 242 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් අනුරුද්ධ සෝලංගආරච්චි මෙම වැඩසටහන සමීපව අධීක්‍ෂණය කරන ලදී. 241 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් දනික පතිරත්න සහ 24 පාබල සේනාංකයේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරි සහ 16 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් විසින් වියළි ආහාර සලාක පාර්සල් සහ කිරි ගවයින් පරිත්‍යාග කිරීමේ සමාජ සත්කාරක වැඩසටහන සංවිධානය කරන ලදී.