Header

Sri Lanka Army

Defender of the Nation

31st December 2022 12:27:51 Hours

අන්තර් සේනාංක බැඩ්මින්ටන් තරඟාවලිය සාර්ථකව අවසන්

ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 22, 23 සහ 24 වන සේනාංකයන් නියෝජනය කරමින් බැඩ්මින්ටන් කණ්ඩායම් පහක ක්‍රීඩකයන්ගේ සහභාගීත්වයෙන් පවත්වනු ලැබූ අන්තර් සේනාංක බැඩ්මින්ටන් තරඟාවලියේ අවසන් මහා තරඟය 3 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තු ගෘහස්ථ ක්‍රීඩාංගණයේ ඉකුත් බදාදා (28) දින පවත්වනු ලැබිණි.

තරඟාවලියේ සමස්ථ ශූරතාව 23 වන සේනාංක බැඩ්මින්ටන් කණ්ඩායමත් අනු ශූරතාව ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර බැඩ්මින්ටන් කණ්ඩායමත් විසින් දිනා ගන්නා ලදී.

අවසන් මහා තරඟයෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි ඉදිරි නඩත්තු පෙදෙස නැගෙනහිර - ආඥාපති මේජර් ජෙනරල් චානක මෙත්තානන්ද ජයග්‍රාහී කණ්ඩායම් වෙත ත්‍යාග සහ සහතිකපත් බෙදාදීම සඳහා සහභාගී විය.

මෙම තරඟාවලිය ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරාල් සුජීව හෙට්ටිආරච්චි විසින් ලබාදුන් උපදෙස් මත 22 සහ 23 වන සේනාංකයන්හි සේනාංකාධිපතිවරුන් එම සේනාංක යටතේ ස්ථාපිත බලසේනාවන්හි බලසේනාධිපතිවරුන්ගේ අධීක්‍ෂණය යටතේ ඉතා සාර්ථක අයුරින් පවත්වනු ලැබිණි.