Header

Sri Lanka Army

Defender of the Nation

31st December 2022 12:21:57 Hours

12 ශ්‍රී ලංකා පාබල හමුදා භටපිරිස් මූලිකත්වයෙන් මුලතිව් වෙරළ තීරය පිරිසිදු කරයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 59 වන සේනාංකයේ 591 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 12 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් සහභාගීත්වයෙන් මුලතිව් වෙරළ තීරය පිරිසිදු කිරීමේ සමාජ සත්කාරක වැඩසටහනක් පසුගිය බ්‍රහස්පතින්දා (29) දින පැවැත් වූ අතර, ඒ සඳහා මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සියලුම කාර්ය මණ්ඩල සාමාජිකයන්ද සහභාගී වූහ.

වෙරළ තීරය පිරිසිදු කිරීමේ මෙම සමාජ සත්කාරක වැඩසටහන සඳහා 12 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ඩී.කේ කලුවාදේව ගේ මගපෙන්වීම මත එම ඒකකයේ භටපිරිස් 30 දෙනෙකුගේ සහභාගීත්වයෙන් සිදුකරන ලදී.