Header

Sri Lanka Army

Defender of the Nation

30th December 2022 15:41:50 Hours

17 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් සම්බන්ධීකරණයෙන් ප්‍රජා සත්කාරක වැඩසටහනක්

ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 17 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් විසින් එම කඳවුරු පරිශ්‍රයේ සහ කුඹුරුපිඩ්ඩි ප්‍රදේශයේ දිගුකාලීන ගැටලුවකට විසඳුමක් ලබාදෙමින් නව ජල පිරිපහදු පද්ධතියක් ස්ථාපිත කරන ලදී.

17 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ අණදෙන නිලධාරී මේජර් පී.ජී.එල් හේමකුමාර ගේ ඉල්ලීමකට අනුව හොරණ ප්‍රදේශයේ පිහිටි ‘බොඩි ලයින්’ (Bodyline) පුද්ගලික සමාගමේ හිමිකරු වන චතුර කුලරත්න මහතා විසින් මෙම සමාජ සත්කාරක වැඩසටහන සඳහා රුපියල් මිලියනයක මූල්‍යමය අනුග්‍රාහකත්වය ලබාදෙනු ලැබීය.

ප්‍රදේශයේ පානීය ජල හිඟය හේතුවෙන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටින පවුල් 500 කට පමණ මෙම ජල ව්‍යාපෘතිය මගින් සෙත සැලසනෙ අතර, නව ජල පිරිපහදු පද්ධතිය ප්‍රදේශවාසීන්ගේ ප්‍රයෝජනය සඳහා විවෘත කිරීමේ උත්සවය ‘බොඩි ලයින්’ (Bodyline) පුද්ගලික සමාගමේ නියෝජිතයින්, 17 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ නිලධාරීන්, සෙසු නිලයින් සහ ප්‍රදේශවාසීන්ගේ සහභාගීත්වයෙන් පසුගිය ඉරිදා (18) දින උත්සවාකාරයෙන් පැවැත්විණි.