Header

Sri Lanka Army

Defender of the Nation

29th December 2022 20:51:28 Hours

යුද්ධ හමුදා අභ්‍යන්තර විගණන අධ්‍යක්‍ෂ මණ්ඩලයේ මූලිකත්වයෙන් ගිණුම්කරණය සහ විගණනය පිළිබඳ යුද්ධ හමුදා භටපිරිස් දැනුවත් කිරීමේ වැඩමුළු කීපයක්

යුද්ධ හමුදා සාමාජිකයින් රාජ්‍ය සහ රාජ්‍ය නොවන ගිණුම්කරණ ක්‍රියා පිළිවෙත පිළිබඳව දැනුවත් කිරීමේ අරමුණින් යුද්ධ හමුදා අභ්‍යන්තර විගණන අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් මෙම දේශන මාලාව පසුගිය මාස කිහිපය පුරා යුද්ධ හමුදාවේ විවිධ ආයතනයන්හි පවත්වන ලදී.

යුද්ධ හමුදා අභ්‍යන්තර විගණන අධ්‍යක්‍ෂ මණ්ඩලයේ මාණ්ඩලික නිලධාරී II මේජර් එල්.ආර්.එම්.සී.ඩී රත්නායක විසින් පසුගියදා පනාගොඩ පිහිටි ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මූලස්ථානයේදී යුද්ධ හමුදා භටපිරිස් 106 දෙනෙකු වෙත එම දේශනය පවත්වන ලදී. 2022 ජනවාරි මාසයේ සිට මේ දක්වා යුද්ධ හමුදාවේ නිලධාරීන් 1330 කට සෙසු නිලයන් 5169 කට අධික සංඛ්‍යාවක් මෙම වැඩමුළුව වෙනුවෙන් සම්බන්ධ වී ඇත.

මූල්‍ය කළමනාකරණ අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරල් ශිරාන් අබේසේකර සහ යුද්ධ හමුදා අභ්‍යන්තර විගණන අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් මාලන් ද සොයිසා‍ යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ උපදෙස් මත මෙම වැඩමුළුව පවත්වනු ලැබීය.