Header

Sri Lanka Army

Defender of the Nation

27th December 2022 19:31:26 Hours

ඉංජිනේරු සේනාංකයේ සේනාංකාධිපති සිය බලප්‍රදේශයේ සංචාරයක

ඉංජිනේරු සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ලංකා අමරපාල දෙසැම්බර් මස 21 සහ 22 දෙදින තුළ ඉංජිනේරු බලසේනාවේ සහ යාන්ත්‍රික ඉංජිනේරු බලසේනාවේ සංචාරයක නිරත විය.

බලසේනාවන්හි බලසේනාධිපතිවරුන් විසින් එම බලසේනාවන්හි සේවයේ නියුතු නිලධාරීන් සහ සෙසුනිලයන් අනාගත අභියෝගවලට මුහුණ දීම සඳහා ඇති සූදානම, පුහුණුව මෙන්ම ඔවුන්ගේ පරිපාලනය සහ සුබසාධන කටයුතු පිළිබඳව සංචාරයේ නිරත සේනාංකාධිපතිතුමන් සවිස්තරාත්මකව දැනුවත් කළහ.

සංචාරයේ නිරත මේජර් ජෙනරල් ලංකා අමරපාල භටපිරිස් අමතමින් අභියෝගවලට සාර්ථකව මුහුණ දීම සඳහා අඛණ්ඩ පුහුණුවක අවශ්‍යතාවය පිළිබඳව අවධාරණය කළේය. එමෙන්ම, යුද්ධ හමුදාවේ ප්‍රතිරූපය ගොඩනැගීම සඳහා නිලධාරීන් සහ සෙසුනිලයන්ගේ ආදර්ශවත් හැසිරීමේ වැදගත්කම පිළිබඳව ද එතුමන් වැඩිදුරටත් කරුණු අවධාරණය කරනු ලැබීය.

සංචාරයන්හි සමාප්තිය සනිටුහන් කරමින්, ඉංජිනේරු සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ලංකා අමරපාල විසින් එම බලසේනාවන්හී විශේෂ අමුත්තන් සඳහා වූ පොත්වල සමරු සටහන් ද තැබීය.