Header

Sri Lanka Army

Defender of the Nation

27th December 2022 19:32:26 Hours

අත්තිඩිය ‘මිහිඳු සෙත් මැදුර’ මඟින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන සුහද හමුව සාර්ථකව පැවැත්වේ

මානූෂීය මෙහෙයුමේදී ආබාධිත වූ වීරෝධාර රණවිරුවන් වෙනුවෙන් ඉදිකර ඇති අත්තිඩිය ‘මිහිඳු සෙත් මැදුර’ සුවතා නිකේතනයෙහි නේවාසිකව ප්‍රතිකාර ලබන පුර්ණ ආබාධිත තත්ත්වයට පත්ව සිටින විශේෂ අවශ්‍යතා සහිත රණවිරුවන් සඳහා පවත්වනු ලබන වාර්ෂික සුහද හමුව මෙවරත් විනෝදාත්මක සහ ක්‍රීඩා ඉසව් රැසක් සමඟින් ඉකුත් අඟහරුවාදා (20) දින පවත්වනු ලැබීය.

මිහිඳු සෙත් මැදුර සුවතා නිකේතනයෙහි නේවාසිකව සිටින රණවිරුවන් සහ එහි කාර්ය මණ්ඩලය අතර සුහදතාවය වැඩිදියුණු කිරීමේ අරමුණින් මෙම සුහද හමුව පවත්වනු ලැබීය.

උත්සව අවස්ථාව සඳහා මිහිඳු සෙත් මැදුර සුවතා නිකේතනයෙහි සේනාවිධායක බ්‍රිගේඩියර් තුෂාර බාලසූරිය, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයන් පිරිසක්ද සහභාගී වූහ. ඉන් අනතුරුව පැවති සියලු නිල දිවා භෝජන සංග්‍රහයකින් අනතුරුව සුහද හමුවේ සමාප්තිය සටහන් විය.