Header

Sri Lanka Army

Defender of the Nation

27th December 2022 19:40:26 Hours

නත්තල් සැමරුම වෙනුවෙන් යුද්ධ හමුදා භටපිරිස් ක්‍රිස්තියානි දේවස්ථාන පිරිසිදු කරයි

මුලතිව් ප්‍රදේශයේ පිහිටි 64 වන සේනාංකයේ භටපිරිස් විසින් අසිරිමත් නත්තල වෙනුවෙන් පසුගිය සිකුරාදා (23) දින මධ්‍යම රාත්‍රියේ යාඥාවන් සඳහා විශාල ජනකායක් රැස්වූ ක්‍රිස්තියානි දේවස්ථාන පරිශ්‍රයන් සහ ඒ අවට පිරිසිදු කරනු ලැබූ අතර තවත් දේවස්ථානයන් කිහිපයක නත්තල් දේව මෙහෙයන් පැවැත්වීම සඳහා ද සිය දායකත්වය ලබාදුන්හ.

ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් දර්ශන විජේසේකර විසින් ලබාදුන් උපදෙස් මත 64 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් නිශ්ශංක ඊරියගම ගේ මඟපෙන්වීම සහ 641 වන බලසේනාවේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරි ලුතිනන් කර්නල් එච්.එම්.පී.සී. හේරත් සහ 14 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ වැඩබලන අණදෙන නිලධාරී මේජර් ආර්.එම්.එන්.එල්. රාජනායක ගේ අධීක්‍ෂණය යටතේ 14 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් කුලාමුරිප්පු ශාන්ත ජෝශප් දේවස්ථානය පිරිසිදු කිරීමේ කටයුතු සිදුකරන ලදී.

642 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් මේදන්ක අල්විස් ගේ උපදෙස් හා 17 වන (ස්වෙච්ඡා) ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී මේජර් ඒ.එච්.එම්.එස්.සී. අබේසිංහ ගේ අධීක්‍ෂණය මත එම ඒකකයේ භටපිරිස් විසින් තණ්ඩුවාන් ගම්මානයේ මෙතෝදිස්ත දේවස්ථාන පරිශ්‍රයේ ද ශ්‍රමදාන වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.

59 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් මහින්ද රණසිංහ ගේ සහ 593 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් චින්තක විජේනායක ගේ මගපෙන්වීම මත 19 වන ගැමුණු හේවා බලකායේ සහ 5 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් නන්දිකඩාල් ප්‍රදේශයේ පිහිටි ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ කැලි කසල ඉවත් කර පිරිසිදු කිරීමේ කටයුතු සිදුකරනු ලැබූහ.

19 වන ගැමුණු හේවා බලකායේ අණදෙන නිලධාරි මේජර් යූ.කේ.ඩී.එල්.කේ. උඩුගම සහ 5 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි මේජර් එම්.පී. හෙට්ටිආරච්චි විසින් මෙම වැඩසටහන මෙහෙයවන ලදී.