Header

Sri Lanka Army

Defender of the Nation

27th December 2022 19:37:26 Hours

බ්‍රිගේඩියර් ප්‍රසන්න ලියනගේ (විශ්‍රාමික) අභාවප්‍රාප්ත වෙයි

මහනුවර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් ප්‍රසන්න ලියනගේ (විශ්‍රාමික) පසුගිය අඟහරුවාදා (27) දින අභාවප්‍රාප්ත විය.

එතුමන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බ්‍රහස්පතින්දා (29) දින පස්වරු 03.00 ට මහනුවර, බලගොල්ල ආදාහනාගාරයේදී සිදුකිරීමට නියමිතව ඇත. අභාවප්‍රාප්ත බ්‍රිගේඩියර් ප්‍රසන්න ලියනගේ (විශ්‍රාමික) ගේ දේහය අංක බී/332, ජයසිරි උයන, රණවිරු මාවත, පල්ලේකැලේ, කුණ්ඩසාලේ යන ලිපිනයේ දැනට තැන්පත් කර ඇත.