Header

Sri Lanka Army

Defender of the Nation

27th December 2022 19:35:26 Hours

දිවංගත රණවිරුවන් අනුස්මරණය කරමින් 14 වන විජයබාහු පාබල රෙජිමේන්තුවෙන් මාලිගාකන්ද ලෝරිස් ළමා නිවාසයට පරිත්‍යාගයක්

මුලතිව් කොමලමුණේ ප්‍රදේශයේදී ත්‍රස්තවාදීන්ට එරෙහිව සිදුකරනු ලැබූ මානුෂීය මෙහෙයුමේදී උත්තරීතර පරිත්‍යාගයන් සිදු කළ 14 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ සාමාජිකයන් අනුස්මරණය කරමින් එම ඒකකයේ සාමාජිකයන් විසින් පසුගිය සඳුදා (26) දින මාලිගාකන්ද ලෝරිස් ළමා නිවාස පරිශ්‍රයේදී වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කරන ලදී.

මෙම රණවිරු සැමරුමට සමගාමීව එම ඒකකයේ භටපිරිස් විසින් ළමා නිවාසයේ නේවාසික දරු දැරියන් 23 දෙනෙකු වෙත ප්‍රණිත දිවා භෝජන සංග්‍රහයක් සහ රුපියල් 15000 ක වටිනාකමකින් යුත් සනීපාරක්‍ෂක හා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කරනු ලැබූ අතර ඒ සඳහා 14 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ නිලධාරින් සහ සෙසුනිලයන් සිය මූල්‍යමය දායකත්වය දැක්වූහ. මෙම සැමරුම් උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් විජයබාහු පාබල රෙජිමේන්තුවේ කැලිප්සෝ සංගීත කණ්ඩායම විසින් සංගීතමය වැඩසටහනක් ද පැවැත්වීය.

14 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් රොෂාන් ජයමාන්න සහ 142 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් රවීන්ද්‍ර ජයසිංහ ගේ මඟපෙන්වීම මත 14 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී මේජර් පී.ඒ.ටී. නිරෝෂන් විසින් මෙම වැඩසටහන ආරම්භ කරන ලදී.