Header

Sri Lanka Army

Defender of the Nation

27th December 2022 10:14:02 Hours

යුද්ධ හමුදා භටපිරිස් ලේ දන්දීමේ සමාජ සත්කාරක වැඩසටහනකට සහය ලබාදෙයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි භටපිරිස් මූලිකත්වයෙන් වවුනියාව දිස්ත්‍රික් රෝහලේ ලේ බැංකුවේ රුධිර සංචිත නැවත පිරවීමේ අරමුණින් පසුගිය සෙනසුරාදා (24) දින එම මූලස්ථාන ක්‍ෂේත්‍ර රෝහලේදී ලේ දන්දීමේ සමාජ සත්කාරක වැඩසටහනක් පවත්වනු ලැබීය.

ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් චම්පක රණසිංහ ගේ උපදෙස් අනුව වවුනියාව දිස්ත්‍රික් රෝහලේ වෛද්‍ය කණ්ඩායමක මෙහෙයවීම මත එම සේනාංකයේ භටපිරිස් 100 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විසින් ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත්වී වන්නි ප්‍රදේශයේ රුධිර අවශ්‍යතා සහිත රෝගීන් වෙනුවෙන් සිය රුධිර පරිත්‍යාග කරන ලදී.