Header

Sri Lanka Army

Defender of the Nation

27th December 2022 10:18:30 Hours

දැඩි වර්ෂාවෙන් හානියට පත් මාර්ගය යතා තත්ත්වයට පත්කිරීමට භටපිරිස්හී සහයෝගය

අධික වර්ෂාපතනයත් සමඟ ගම්පොල - හෙම්මාතගම ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ලකරමින් කඩා වැටී තිබුණු පස් කන්දක් ඉවත්කිරීමට පසුගිය ඉරිදා (25) දින සන්ධ්‍යාවේ58 වන සේනාංකය යටතේ ස්ථාපිත 581 වන බලසේනාවට අයත් 5 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් සිය දායකත්වය ලබාදුන්හ.

58 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් විපුල ඉහළගේ සහ 581 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් නිලංග ප්‍රනාන්දු ගේ අධීක්‍ෂණය යටතේ භටපිරිස් විසින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.