Header

Sri Lanka Army

Defender of the Nation

16th December 2022 19:34:53 Hours

51 වන සේනාංකයේ නව සේනාංකාධිපති සිය රාජකාරි අරඹයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ කෝපායිහි ස්ථාපිත 51 වන සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස ගැමුණු හේවා බලකායේ මේජර් ජෙනරල් වජිර වෙලගෙදර පසුගිය බදාදා (14) දින එම සේනාංක මුලස්ථානයේ දී සිය ධූරයේ රාජකාරි කටයුතු භාරගන්නා ලදී.

51 වන සේනාංක මූලස්ථානය වෙත සපැමිණි මේජර් ජෙනරල් වජිර වෙලගෙදර එම සේනාංකයේ මාණ්ඩලික නිලධාරීන් ඉතා උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව යුද්ධ හමුදා භටපිරිස් විසින් එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරය පිරිනමන ලදී.

අනතුරුව, මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ මේජර් ජෙනරල් වජිර වෙලගෙදර 51 වන සේනාංකයේ සේනාංකාධිපති ලෙස සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරි කටයුතු භාරගන්නා ලදි.

මෙම අවස්ථාව සනිටුහන් කරනු වස් නව සේනාංකාධිපතිතුමන් විසින් එම කඳවුරු පරිශ්‍රයේ අඹ පැළයක්ද රෝපණය කල අතර, ඉන් අනතුරුව යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූලව භටපිරිස් අමතන ලදී.

මෙම උත්සව අවස්ථාව සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් පිරිසක් සහභාගී වූහ.