Header

Sri Lanka Army

Defender of the Nation

15th December 2022 16:21:39 Hours

ශ්‍රී ලංකා සාම සාධක මෙහෙයුම් පුහුණු ආයතනයේ පැවැති උසස් මානව හිමිකම් සහ ජාත්‍යන්තර මානුෂීය නීති පාඨමාලා සාර්ථකව අවසන්

උසස් මානව හිමිකම් සහ ජාත්‍යන්තර මානුෂීය නීති පාඨමාලා අංක 25 හි සහතිකපත් ප්‍රදානය කිරීමේ උත්සවය ඉකුත් සදුදා (05) දින ශ්‍රී ලංකා සාම සාධක මෙහෙයුම් පුහුණු ආයතනයේදී පැවැත්විණි. එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මානව හිමිකම් සහ ජාත්‍යන්තර මානුෂීය නීති අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ක්‍රිෂාන්ත පීරිස් සහභාගී විය.

මානව හිමිකම් සහ ජාත්‍යන්තර මානුෂීය නීති අධ්‍යක්ෂ මණ්ඩලයේ අධීක්‍ෂණය යටතේ නොවැම්බර් මස 8 වැනි දින ආරම්භ වූ මෙම පාඨමාලාව දෙසැම්බර් මස 12 වන දින දක්වා පැවැති අතර, ඒ සඳහා ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය නියෝජනය කරමින් නිලධාරීන් 27 දෙනෙකු සහ සෙසු නිලයන් 33 දෙනෙකු සහභාගී වූහ.

මෙම දේශණය කොළඹ සහ කැලණිය විශ්වවිද්‍යාලයේ විද්වතුන්, ශ්‍රී ලංකා මානුෂීය නීති කොමිෂන් සභාවේ නිලධාරීන් සහ අනෙකුත් සම්පත් දායකයින් විසින් මෙහෙයවන ලදී. මීට අමතරව, ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ නියෝජිතයින් පාඨමාලාව අතරතුර සිසුන් සඳහා දින හතරක වැඩමුළුවක් ද පවත්වන ලදී.

පාඨමාලාවේ දක්ෂතම නිලධාරියාට හිමි සම්මානය ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ මේජර් එච්.කේ.පී.එම් හෙට්ටිආරච්චි විසින් හිමිකරගත් අතර, පාඨමාලාවේ හොඳම සෙබලාට හිමි සම්මානය ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ සැරයන් කේ.පී.ඩී.එච් දයාංග විසින් හිමිකර ගත්තේය.