Header

Sri Lanka Army

Defender of the Nation

06th December 2022 19:00:26 Hours

මූලික කෘෂිකර්ම පාඨමාලා අංක - 6 සාර්ථකව අවසන් කළ ආධුනික සෙබලුන් විසිරයයි

කිලිනොච්චිය ප්‍රදේශයේ පිහිටි යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් පුහුණු පාසලේ මූලික කෘෂිකර්ම පාඨමාලා අංක - 6 සඳහා බඳවාගත් ආධුනික සෙබලුන් 66 දෙනෙකු එම පාඨමාලාව සාර්ථකව අවසන් කළ අතර ඔවුන් වෙත ඉකුත් සඳුදා (06) දින පැවති කෙටි උත්සවයකදී සහතිකපත් ප්‍රදානය කරනු ලැබීය.

මෙම උත්සව අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 6 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකායේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ඒ.එස්.බී. හපුවින්න සහභාගී වූ අතර එතුමන්ගේ සුරතින් සහතිකපත් ප්‍රදානය කරන ලදී.

මෙම පාඨමාලාවේ මාසයක කාලසීමාවක් තුළ කාබනික කෘෂිකාර්මික කටයුතු, කාබනික ගොවිතැන, බෝග වගාව, ආහාර සංරක්‍ෂණය, යන්ත්‍රෝපකරණ, සත්ත්ව පාලනය, සත්ව ආහාර නිෂ්පාදනය සහ අනෙකුත් කරුණු කෙරෙහි අවධානය යොමුකරමින් ආධුනික සෙබලුන් පුහුණු කරවනු ලැබීය.

6 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකායේ අණදෙන නිලධාරී සහ යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් පුහුණු පාසලේ ලුතිනන් කර්නල් ඩී.එල්.සී.එන්. මුතුතන්ත්‍රිගේ විසින් එම ආධුනික සෙබලුන් වෙත සිය රෙජිමේන්තු නිල ලාංඡන සහ සහතිකපත් ප්‍රදානය කරන ලදී.

පාඨමාලාවේ ඉහළම ස්ථාන හිමිකරගත් ආධුනික සෙබලුන් පහතින් දැක්වේ:

ප්‍රථම ස්ථානය - ආධුනික සෙබල බී.එම්.සී.ජී. කුමාරසිංහ

දෙවන ස්ථානය - ආධුනික සෙබල ඩබ්ලිව්.ජේ.කේ. සෙනරත්

තෙවන ස්ථානය - ආධුනික සෙබල බී.එල්. විජයරත්න