Header

Sri Lanka Army

Defender of the Nation

06th December 2022 18:50:26 Hours

කාලතුවක්කු පුහුණු පාසලේ නව සේනාවිධායක රාජකාරි අරඹයි

මින්නේරිය ප්‍රදේශයේ පිහිටි කාලතුවක්කු පුහුණු පාසලේ නව සේනාවිධායක ලෙස කර්නල් නාරද ලොකුගලප්පත්ති විසින් ඉකුත් සඳුදා (05) දින පැවති කෙටි උත්සවයකදී රාජකාරි කටයුතු භාරගන්නා ලදී.

කර්නල් නාරද ලොකුගලප්පත්ති බෞද්ධ ආගමික වතාවත්හි නිරත වීමෙන් අනතුරුව සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් සිය ධූරයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කරන ලදී. එම අවස්ථාව සඳහා කාලතුවක්කු පුහුණු පාසලේ මාණ්ඩලික නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.

නව ධූරයේ රාජකාරි කටයුතු භාරගැනීමට ප්‍රථම කර්නල් නාරද ලොකුගලප්පත්ති කාලතුවක්කු බලසේනා මූලස්ථානයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි 1 ධුරයේ රාජකාරි කටයුතු හෙබවූවේය. මීට ප්‍රථම මෙම ධූරය කර්නල් රොෂාන් කන්නන්ගර විසින් හොබවන ලදී.