Header

Sri Lanka Army

Defender of the Nation

06th December 2022 19:10:26 Hours

53 වන සේනාංකයේ නව සේනාංකාධිපති 532 වන බලසේනාවේ නිල සංචාරයක

53 වන සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස පසුගිය දා රාජකාරි ආරම්භ කළ මේජර් ජෙනරල් ශානක රත්නායක ඉකුත් සඳුදා (28) දින සඳුන්පුර ප්‍රදේශයේ පිහිටි 532 වන බලසේනාවේ සිය ප්‍රථම නිල සංචාරය සිදුකරන ලදී.

532 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් සුමාල් වික්‍රමසේකර විසින් සංචාරයේ නිරත සේනාංකාධිපතිතුමන් ඉතා උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව 8 ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ (drive-past) ගෞරවාචාරය පුදකළහ.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් මේජර් ජෙනරල් ශානක රත්නායක බලසේනා මූලස්ථාන පරිශ්‍රයේ සඳුන් පැළයක් ද රෝපණය කළේය. ඉන් අනතුරුව, භටපිරිස් ඇමතූ එතුමන්, පාසල් ළමුන් සිටින සෙබළුන් 18 දෙනෙකු සහ සිවිල් සේවක මහතුන් 08 දෙනෙකු වෙත පාසල් උපකරණ ඇතුළු ත්‍යාග පාර්සල් ප්‍රදානය කරනු ලැබීය.

මෙම අවස්ථාවට 532 වන බලසේනාවේ සේවයේ නියුතු සියලු නිලයන් සහ එම බලසේනාව යටතේ සේවයේ නියුතු අණදෙන නිලධාරීන් ද සහභාගී වූහ.