Header

Sri Lanka Army

Defender of the Nation

06th December 2022 19:20:26 Hours

යුද්ධ හමුදා රෝහලේ කළමනාකරණ සහ නඩත්තු අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නව අධ්‍යක්‍ෂ රාජකාරි අරඹයි

නාරාහෙන්පිට ප්‍රදේශයේ පිහිටි කොළඹ යුද්ධ හමුදා රෝහලේ කළමනාකරණ සහ නඩත්තු අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නව අධ්‍යක්‍ෂ ලෙස බ්‍රිගේඩියර් ජනක විතානාච්චි පසුගිය සෙනසුරාදා (03) දින පැවති කෙටි උත්සවයකදී සිය ධූරයේ රාජකාරි කටයුතු ආරම්භ කළේය.

බ්‍රිගේඩියර් ජනක විතානාච්චි මහා සංඝරත්නයේ බෞද්ධ ආගමික වතාවත් මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරි කටයුතු භාරගනු ලැබීය.

රාජකාරි භාරගැනීමෙන් අනතුරුව භටපිරිස් ඇමතූ බ්‍රිගේඩියර් ජනක විතානාච්චි සියලු නිල තේ පැන් සංග්‍රහයකට ද එක්විය. මෙම අවස්ථාව සඳහා නාරාහේන්පිට යුද්ධ හමුදා රෝහලේ කළමනාකරණ සහ නඩත්තු නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ඇතුළු අනෙකුත් නිලධාරීන් සහ සෙසුනිලයන් ද සහභාගී වූහ.