Header

Sri Lanka Army

Defender of the Nation

28th November 2022 21:38:20 Hours

233 වන බලසේනාවේ භටපිරිස් කේරල ගංජා ළඟ තබාගත් සැකකරුවෙකු අත්අඩංගුවට ගනී

233 වන බලසේනාව යටතේ ස්ථාපිත 3 වන (ස්වේච්ඡා) සන්නද්ධ බුද්ධි බලකායේ භටපිරිස් වෙත ලද තොරතුරකට අනුව වාලච්චේන පොලිස් ස්ථානයේ නිලධාරීන් සමඟ එක්ව රුපියල් ලක්‍ෂ දහයක (1000,000.00) ක වටිනාකමකින් යුත් ‘කේරළ ගංජා’ කිලෝග්‍රෑම් 3 යි ග්‍රෑම් 20 ක ප්‍රමාණයක් සිය සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු පසුගිය බ්‍රහස්පතින්දා (24) දින ජයන්තියාය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබිණි.

අත්අඩංගුවට ගත් ගංජා තොගය සමඟ සැකකරු වැඩිදුර විමර්ශන සඳහා වාලච්චේන පොලිස් ස්ථානය වෙත භාරදීමට යුද්ධ හමුදා භටපිරිස් විසින් කටයුතු කරන ලදී.

මෙම වැටලීම ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර, 23 වන සේනාංකයේ සේනාංකාධිපති සහ 233 වන බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ අධීක්‍ෂණය මත සිදුකෙරිණි.