Header

Sri Lanka Army

Defender of the Nation

26th November 2022 18:38:43 Hours

ඉංජිනේරු සේනාංකයේ සේනාංකාධිපති පොදුකාර්ය ඉංජිනේරු බලසේනා මූලස්ථානයේ සංචාරයක

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු සේනාංකයේ නව සේනාංකාධිපති මේජර් ජෙනරල් ලංකා අමරපාල කච්චිගල පිහිටි පොදුකාර්ය ඉංජිනේරු බලසේනා මූලස්ථානය වෙත පසුගිය අඟහරුවාදා (22) දින සිය ප්‍රථම නිල සංචාරය සිදුකර තිබිණි.

පොදුකාර්ය ඉංජිනේරු බලසේනා කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි මේජර් ජෙනරල් ලංකා අමරපාල එම බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ටී.සී පීරිස් විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලදී. අනතුරුව, පොදුකාර්ය ඉංජිනේරු බලසේනාවේ භටපිරිස් විසින් එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනමන ලදී. එහිදී, මේජර් ජෙනරල් ලංකා අමරපාල කඳවුරු පරිශ්‍රයෙහි සංකේතාත්මකව පැළයක් රෝපණය කිරීමෙන් පසුව සියළු නිලයන් ඇමතීය.

මෙම සංචාරය සඳහා පොදුකාර්ය ඉංජිනේරු බලසේනාවේ බලසේනාධිපති, කර්නල් ව්‍යාපෘති සහ එම බලසේනාව යටතේ ස්ථාපිත ඒකකයන්හි අණදෙන නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.