Header

Sri Lanka Army

Defender of the Nation

26th November 2022 18:39:43 Hours

61 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන් දකුණු පළාත් ආණ්ඩුකාරතුමන් සහ ගාල්ල දිස්ත්‍රික් ලේකම්තුමන් හමුවෙයි

ඉකුත් දිනයක රාජකාරි ආරම්භ කළ දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ සහ ගාල්ල දිස්ත්‍රික් ලේකම් ශාන්ත වීරසිංහ යන මහත්වරුන් හමුවීමට පසුගිය බ්‍රහස්පතින්දා (24) දින 61 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් උදය හේරත් ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන් කටයුතු කර තිබිණි.

මෙම සුහද සාකච්ඡාවන්හිදී, මේජර් ජෙනරල් උදය හේරත් විසින්, ගාල්ල දිස්ත්‍රික්කයේ ආරක්‍ෂාව සහ සිවිල් සම්බන්ධීකරණ කටයුතු සම්බන්ධයෙන් ආණ්ඩුකාරතුමන් සහ දිස්ත්‍රික් ලේකම්තුමන් සමඟින් වැදගත් වූ කරුණු කිහිපයක් පිළිබඳව සාකච්ඡා කර තිබිණි.