Header

Sri Lanka Army

Defender of the Nation

26th November 2022 18:46:49 Hours

ශ්‍රී ලංකා පාබල හමුදා නවතම මංගල වස්තුව වන ‘9 වන කණ්ඩුල’ රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත රැගෙන එයි

ශ්‍රී ලංකා පාබල හමුදා නවතම රෙජිමේන්තු මංගල වස්තුව ලෙස සලකන ‘9 වන කණ්ඩුල’ නම් ඇත් පැටවා මෙරට රාජ පෙළපතේ අභීත රණශූරයෙකු වන දුටු ගැමුණු රජතුමාගේ රාජ්‍ය කාලයේ සිට පැවත එන කීර්තිමත් සහ පෞරාණික ඇත් පෙළපතික් පැවත එයි. එම 9 වන කණ්ඩුල ඇත් පැටවා සම්ප්‍රදායානුකූල මගුල් බෙර වාදනය මධ්‍යයේ සුභ නැකතින් පසුගිය බ්‍රහස්පතින්දා (24) දින පනාගොඩ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත රැගෙන එන ලදී.

යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී සහ ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ජගත් කොඩිතුවක්කු උපදෙස් මත පින්නවල අලි අනාථාගාරය සහ වනජීවී දෙපාර්තමේන්තුව සමඟ සහයෝගයෙන් යුතුව පවතින නීතිරීතිවලට අනුකූලව නව ඇත් පැටවාගේ භාරකාරත්වය ශ්‍රී ලංකා පාබල හමුදාව ලබාගැනීමට හැකි වී ඇති අතර, දෙහිවල ජාතික සත්වෝද්‍යානය සමඟ එක්ව මෙම කාර්තව්‍යය සාර්ථක කර ගැනීමට හැකි විය.

ශ්‍රී ලංකා පාබල හමුදාවේ හිටපු මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ටී.සී.කේ පීරිස් සහ කර්නල් එම්.පී.එස්.පී කුලසේකර යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් ශ්‍රී ලංකා පාබල හමුදාව මෙම ඇත් පැටවාට පෙර සිටි හස්තියා ලබා ගැනීමට ඔවුන්ගේ මගපෙන්වීම සහ සහාය ලබා දෙන ලදී. ශ්‍රී ලංකා පාබල හමුදාවේ මංගල වස්තුව ලෙස සංකේතවත් කිරීම සඳහා ලබාගන්නා එම ඇත් පැටවුන් පරිණත අවධියට පත්වූ විට ජාතික සත්වෝද්‍යානය වෙත භාර දීම සිදුකරනු ලබයි.