Header

Sri Lanka Army

Defender of the Nation

21st November 2022 10:12:30 Hours

ත්‍රිකුණාමලය භඨකාර්ය සම්පාදන විද්‍යාලයේ ශිෂ්‍ය නිලධාරින් කණ්ඩායමක් ත්‍රිකුණාමලය නාවික හා සාගර විද්‍යාපීඨයේ සංචාරයක

ත්‍රිකුණාමලය භඨකාර්ය සම්පාදන විද්‍යාලයේ සේනාවිධායක, කාර්ය මණ්ඩලය සහ එම විද්‍යාලයේ භඨකාර්ය සම්පාදන මාණ්ඩලික නිලධාරි පාඨමාලා අංක - 08 හදාරනු ලබන ශිෂ්‍ය නිලධාරින් කණ්ඩායමක් 2022 නොවැම්බර් මස 05 දින ත්‍රිකුණාමලය නාවික හා සාගර විද්‍යාපීඨයේ සංචාරයක නිරතවූහ.

භඨකාර්ය සම්පාදන මාණ්ඩලික නිලධාරි පාඨමාලා අංක - 08 හදාරනු ලබන ශිෂ්‍ය නිලධාරින්ගේ පාඨමාලා විෂය මාලාවේ කොටසක් ලෙස නාවික හා ගුවන් හමුදාවන්හී ක්‍රියාත්මක වන විවිධ භඨකාර්ය සම්පාදන ක්‍රියාකාරකම් පිළිබඳ අත්දැකීම් ලබාදීම සඳහා මෙම සංචාරය සංවිධානය කරනු ලැබීය. තවද, නාවික හමුදා භඨකාර්ය සම්පාදන ක්ෂේත්‍රයේ ශිෂ්‍ය නිලධාරින් සමඟින් දැනුම හුවමාරු කරගැනීමටද මෙම සංචාරයේදී අවස්ථාව ලැබිණි.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ දෙවන විශාලතම භඨකාර්ය සම්පාදන ජාලය වන කොමදෝරු අධිකාරි සැපයුම් හා සේවා දෙපාර්තමේන්තුවේ සංචාරයේ නියුතු භඨකාර්ය සම්පාදන විද්‍යාලයේ සේනාවිධායකතුමන් ප්‍රමුඛ කණ්ඩායම නාවික හා සාගර විද්‍යාපීඨය වෙත උණුසුම් අයුරින් පිළිගැනීමෙන් පසුව එම විද්‍යාපීඨයේ ඉතිහාසය හා කාර්යභාරය පිළිබඳ දැනුවත්කිරීමක් සිදු කරන ලදී.

සංචාරයේ නිරත කණ්ඩායම වෙත වෙරළාරක්‍ෂක නෞකාවක් වන ‘සයුර’ නෞකාව නැරඹීමේ සුවිශේෂී අවස්ථාව ද හිමිවූ අතර එම නෞකාවේ ක්‍රියාකාරීත්වය හා ක්‍රියාකාරී පද්ධති සහ නෞකාව සාගර මධ්‍යයේදී ක්‍රියාත්මක කරනු ලබන භඨකාර්ය සම්පාදන පද්ධතිය පිළිබඳව ද එම කණ්ඩායම දැනුවත් කෙරිණි.

නාවික හමුදා කඳවුරු පරිශ්‍රයේ පිහිටි ගබඩාව වෙත යනු ලැබූ සංචාරයේ නිරත නිලධාරින් වෙත කෙටි දේශනයක් සිදුකරමින් එම ගබඩාවේ සිදුකෙරෙන ප්‍රසම්පාදන කළමනාකරණය, ගබඩා කළමනාකරණය, ද්‍රව්‍ය කළමනාකරණය සහ ක්‍රියාපටිපාටි නිකුත් කිරීම පිළිබඳව ද වැඩිදුරටත් දැනුවත් කරනු ලැබීය.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් භඨකාර්ය සම්පාදන විද්‍යාලයේ සේනාවිධායක බ්‍රිගේඩියර් මේනක ප්‍රනාන්දු සහ ත්‍රිකුණාමලය නාවික හා සාගර විද්‍යාපීඨයේ පාඨමාලා සම්බන්ධීකාරක - දීර්ඝ සැපයුම් කළමණාකරණ පාඨමාලාවේ කපිතාන් තුවාන් මාර්සෝ (Captain Tuan Marso) අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදුකෙරිණි.