Header

Sri Lanka Army

Defender of the Nation

19th November 2022 21:10:44 Hours

53 වන සේනාංකයේ නව සේනාංකාධිපති රාජකාරි අරඹයි

1 වන බලකාය යටතේ දඹුල්ල ප්‍රදේශයේ ස්ථාපිත 53 වන සේනාංක මූලස්ථානයේ නව සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරල් ශානක රත්නායක පසුගිය බ්‍රහස්පතින්දා (10) දින එම සේනාංක මුලස්ථානයේදී බෞද්ධ ආගමික වතිවතාවත්වලට අනුකූලව හමුදා සම්ප්‍රදායානුකූලව රාජකාරි කටයුතු භාරගත්තේය.

නව ධූරයේ රාජකාරි භාරගැනීම සඳහා සේනාංක මූලස්ථානය වෙත සපැමිණි මේජර් ජෙනරල් ශානක රත්නායක වෙත 6 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරය පුදකළහ.

මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ මේජර් ජෙනරල් ශානක රත්නායක සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරි කටයුතු භාරගන්නා ලදි.

අනතුරුව, නව සේනාංකාධිපතිතුමන් මෙම අවස්ථාව සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කිරීමෙන් අනතුරුව හමුදා සම්ප්‍රදායානුකූලව භටපිරිස් ඇමතීය.

මෙම අවස්ථාව සඳහා බලසේනාධිපතිවරුන්, මාණ්ඩලික නිලධාරින් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු සහභාගී වූහ.