Header

Sri Lanka Army

Defender of the Nation

14th November 2022 19:15:05 Hours

යුද්ධ හමුදාවේ අනුග්‍රාහකත්වයෙන් පෙර පාසල් දරු දැරියන්ට පාසල් උපකරණ බෙදා දෙයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 55 වන සේනාංකයට අයත් 553 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 10 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් මරුතන්කේනි වල්ලුවර් පෙර පාසලේ දරු දැරියන් වෙනුවෙන් පෙර පාසල් උපකරණ බෙදාදීමේ සමාජ සත්කාරක වැඩසටහනක් පසුගිය බදාදා (9) දින ක්‍රියාත්මක කරනු ලැබීය.

553 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් රොහාන් ජයකොඩි ගේ උපදෙස් හා එම බලසේනාවේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරී ලුතිනන් කර්නල් ඒ.ඒ.බී.එස්. වනිගසේකර ගේ සම්බන්ධීකරණය මත 10 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී මේජර් කේ.එච්.සී. සමන්ප්‍රියගේ අධීක්‍ෂණය යටතේ මෙම සමාජ සත්කාරක වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.

මෙම වැඩසටහන සඳහා 553 වන බලසේනාවේ භටපිරිස් ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වී සිය මූල්‍යමය අනුග්‍රාහකත්වය ලබාදුන්හ.

553 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් රොහාන් ජයකොඩි ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකුගේ සහභාගීත්වයෙන් මෙම අවස්ථාව වඩාත් වර්ණවත් විය.