Header

Sri Lanka Army

Defender of the Nation

14th November 2022 20:03:05 Hours

යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ නිවාස ව්‍යපෘතිය යටතේ තවත් නිවාස දෙකක් ඉදිකරයි

යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ නිවාස අවශ්‍යතා සහිත භටපිරිස් වෙනුවෙන් නව නිවාස පහක් ඉදිකිරීමේ ව්‍යාපෘතියට සමගාමීව දියබෙදුම සහ ගල්ගමුව ප්‍රදේශයන්හී නව නිවාස දෙකක් ඉදිකරනු ලැබීය.

මෙම ව්‍යාපෘතිය යටතේ ගල්ගමුව ප්‍රදේශයේ වෙසෙන 2 වන යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරියෙකු වෙනුවෙන් ඉදිකරනු ලැබූ නව නිවස යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති සහ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් චන්න වීරසූරිය ගේ සුරතින් පසුගිය සෙනසුරාදා (12) දින අදාළ නිවාසලාභියා වෙත පවරාදෙනු ලැබීය.

මේජර් ජෙනරල් චන්න වීරසූරිය ගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කරනු ලැබූ මෙම නිවාස ව්‍යාපෘතිය යටතේ දෙහිඅත්තකණ්ඩිය, දියබෙදුම ප්‍රදේශයේ ඉදිකරනු ලැබූ තවත් නව නිවසක් පසුගියදා පැවති චාම් උත්සවයකදී නිවාසලාභියා වෙත පවරාදෙන ලදී. 5 වන යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ භටපිරිස්හී ශ්‍රම දායකත්වය මත ඉදිකරනු ලැබූ මෙම නව නිවසේ ඉදිකිරීම් කටයුතු සඳහා යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සහ එම රෙජිමේන්තු සේවා වනිතා ඒකකයේ අනුග්‍රාහකත්වය ලබාදෙනු ලැබීය.

මෙම නව නිවස විවෘත කිරීමේ අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 66 වන සේනාංකයේ සේනාංකාධිපති යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් ජානක ප්‍රියදර්ශන සහභාගී වූ අතර යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් අනුර අබේසිංහ සහ 5 වන යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරිතුමන් ද මෙම අවස්ථාවට එක්වූහ.