Header

Sri Lanka Army

Defender of the Nation

14th November 2022 18:45:05 Hours

භඨකාර්ය සම්පාදන ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - නැගෙනහිර යටතේ ස්ථාපිත සියලුම ඒකකයන්හි නිල සංචාරයක නිරත වෙයි

භඨකාර්ය සම්පාදන ආඥාපති සහ ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඉන්දු සමරකෝන් පසුගිය බදාදා (09) දින ඉදිරි නඩත්තු පෙදෙස - නැගෙනහිර යටතේ ස්ථාපිත සියලුම ඒකකයන්හි නිල සංචාරයක නිරත විය.

ඒකකයන් වෙත සංචාරය කිරීමට ප්‍රථම මේජර් ජෙනරල් ඉන්දු සමරකෝන් විසින් එම ඒකකයන්හි පරිපාලන සහ සැපයුම් කටයුතු පිළිබඳ සාකච්ඡාවකද නිරත විය.

එම සාකච්ඡාවන් සඳහා ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - නැගෙනහිර මේජර් ජෙනරල් චානක මෙත්තානන්ද, ඉදිරි නඩත්තු පෙදෙස - නැගෙනහිර මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරීන් එක්වූ අතර, එම අවස්ථාව සනිටුහන් කිරීම වෙනුවෙන් මේජර් ජෙනරල් ඉන්දු සමරකෝන් විසින් ඉදිරි නඩත්තු පෙදෙස - නැගෙනහිර මූලස්ථාන පරිශ්‍රයේ පැළයක්ද රෝපණය කරන ලදී.