Header

Sri Lanka Army

Defender of the Nation

14th November 2022 19:30:05 Hours

මන්නාරම පිහිටි මාර්ග බාධකයකදී යුද්ධ හමුදා භටපිරිස් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගනී

මන්නාරම ප්‍රදේශයේ පිහිටි 54 වන සේනාංක බුද්ධි අංශයේ භටපිරිස් සහ 11 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් එක්ව මන්නාරම ප්‍රදේශයේ යොදවා තිබූ මාර්ග බාධකයකදී අද (14) දින උදෑසන අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 25 ක ප්‍රමාණයක් සොයාගනු ලැබූහ.

තලෙයිමන්නාරමේ සිට මඩු ප්‍රදේශය බලා ධාවනය වූ ලංගම බස් රථයක් තුළ තිබී මෙම අයිස් මත්ද්‍රව්‍ය පාර්සලය මාර්ග බාධකයේ සිදුකළ පරීක්‍ෂාවකදී පෙරවරු 08.30 ට පමණ සිදුකරන ලද වැටලීමකදී සොයා ගන්නා ලදී.

යුද්ධ හමුදා භටපිරිස් විසින් එම මත්කුඩු තොගය සහ සැකකරු ඉදිරි විමර්ශන කටයුතු සඳහා මන්නාරම පොලිස් ස්ථානය වෙත භාර දෙන ලදී.