07th November 2022 21:10:16 Hours
ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ සේවයේ නියුතු සාමාජිකයන්ගේ දෛනික අත්‍යාවශ්‍යතා සැපීරීම සඳහා අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය, මස් සහ එළවළු සැපයීම සඳහා සුභසාධක අළෙවි සැලක් (Central Super Meat/Vegetable Mart) මෙන්ම ජංගම දුරකථන අමතර කොටස් සහ තොරතුරු තාක්‍ෂණ අවශ්‍යතා සැපයීම සඳහා උපයෝගිතා මධ්‍යස්ථානයක් (Mercury Computer & Mobile Phone Repair Mart) ඉකුත් ඉරිදා (6) දින විවෘත කරන ලදී.
මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් සමන්ත සිල්වා සෙබලුන්ගේ ප්‍රයෝජනය සඳහා ඉදිකරනු ලැබු මෙම සුභසාධන ව්‍යාපෘතීන් විවෘත කරන ලදී. ප්‍රදේශයේ වෙසෙන සිවිල් වැසියන්ටද මෙම සේවාවන් විවෘතය.