Header

Sri Lanka Army

Defender of the Nation

07th November 2022 06:00:48 Hours

යුද්ධ හමුදාවේ සම්බන්ධීකරණයෙන් සේරුපිටිය ප්‍රාථමික විද්‍යාලයේ සිසුන්ට පාසල් උපකරණ සහ දිවා ආහාර වේලක්

53 වන සේනාංකය යටතේ ස්ථාපිත 532 වන බලසේනාවේ භටපිරිස් පරිත්‍යාගශීලියෙකුගේ අනුග්‍රහකත්වය ඇතිව දෙහිඅත්තකණ්ඩිය, සේරුපිටිය ප්‍රාථමික විද්‍යාලයේ අධ්‍යාපනය ලබන දරුවන් 55 දෙනෙකු වෙත පාසල් උපකරණ බෙදා දීමේ වැඩසටහනක් ඔක්තෝබර් මස 25 වන දින දියත්කරන ලදී.

වත්මන් අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව සිටින පවුල්වල ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගත් 532 බලසේනාවේ බලසේනාධිපති, බ්‍රිගේඩියර් සුමල් වික්‍රමසේකර පරිත්‍යාගශීලි අසංග පෙරේරා මහතාගෙන් කරන ලද ඉල්ලීමකට ක්‍රියාත්මක කරනු ලැබු මෙම ව්‍යාපෘතිය යටතේ සෑම සිසුවෙකුටම තම අධ්‍යයන කටයුතු සිදුකර ගැනීම සඳහා රුපියල් 1750/= වටිනා පාසල් උපකරණ සහ ලිපි ද්‍රව්‍ය පරිත්‍යාග කරන ලදී.

වැඩසටහන අවසානයේ 532 වන බලසේනාවේ භටපිරිස් විසින් සියලුම සිසුන්ට සහ ගුරුවරුන්ට දිවා ආහාර වේලකින් ද සංග්‍රහ කරන ලදී. මෙම ප්‍රජා මූල ව්‍යාපෘතිය 532 වන බලසේනාව යටතේ ස්ථාපිත ඒකකයන්හී සහයෝගය ඇතිව ක්‍රියාත්මක කරන ලදී.