Header

Sri Lanka Army

Defender of the Nation

07th November 2022 21:30:16 Hours

542 වන බලසේනාවේ සම්බන්ධීකරනයෙන් විවිධ දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන පවුල් වෙත වියළි සලාක පාර්සල්

54 වන සේනාංකය යටතේ ස්ථාපිත 542 වන බලසේනාව යටතේ සේවයේ නියුතු භටපිරිස් ඉකුත් සිකුරාදා (4) දින මඩු ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානයේදී ඉලුප්පායිකුලම්, කොණ්ඩච්චි, විකුම්පුර සහ පුමලන්තම් යන ගම්මානවල විවිධ දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන පවුල් 120ක් සඳහා වියළි සලාක පාර්සල් පරිත්‍යාග කරන ලදී.

54 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් දර්ශන විජේසේකර ගේ උපදෙස් මත 542 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ශිහාන් ප්‍රනාන්දුගේ සම්බන්ධීකරණයෙන් 8 වන විජයබාහු පාබල රෙජිමේන්තුව සහ 15 වන (ස්වේච්ඡා) ගැමුණු හේවා බලඇණියේ භටපිරිස්වල සහය ඇතිව ක්‍රියාවට නංවන ලදී.

මෙහිදි සෑම ප්‍රතිලාභියෙකුටම රුපියල් 10,000/= ක වටිනාකමකින් යුත් වියළි සලාක පාර්සලය බැගින් පරිත්‍යාග කරනු ලැබු අතර, මෙම වැඩසටහන ක්‍රියාවට නැංවීම සඳහා මුල්‍ය දායකත්වය MSC ලංකා පෞද්ගලික සමාගම - කොළඹ යන ආයතනය මගින් ලබාදුන්හ.

මෙම අවස්ථාව සඳහා 542 වන බලසේනාවේ බලසේනාධිපති, 8 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී, නිලධාරීන්, MSC ලංකා පෞද්ගලික සමාගමේ සාමාන්‍යාධිකාරී ප්‍රිමාල් පීරිස් මහතා, ප්‍රධාන මූල්‍ය නිලධාරී කැළුම් වර්ණකුලසූරිය මහතා, මානව සම්පත් කළමණාකරු දිනිෂ් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.