Header

Sri Lanka Army

Defender of the Nation

07th November 2022 05:15:48 Hours

23 වැනි සේනාංකයේ අන්තර් බලඇණි පැසිපන්දු තරගාවලිය කල්අඩි හිදී පැවැත්විණි

ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් ප්‍රියන්ත ජයවර්ධනගේ උපදෙස් මත 23 වන සේනාංකයේ අන්තර් බලඇණි පැසිපන්දු තරඟාවලිය - 2022 ඔක්තෝබර් 29 සිට 30 දක්වා කල්ලඩි සිවානන්ද විද්‍යාලීය පැසිපන්දු ක්‍රීඩා පිටියේදී පැවැත්විණි.

මෙම පැසිපන්දු තරඟාවලිය සඳහා 23 වන සේනාංකය යටතේ ස්ථාපිත 4 වන ගැමුණු හේවා බලඇණිය, 12 වන ගැමුණු හේවා බලඇණිය, 11 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව සහ 12 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ පැසිපන්දු ක්‍රීඩකයින් සහභාගී වූ අතර, එහිදි තියුණු තරඟාවලියකින් අනතුරුව අවසන් වටයට සුදුසු කම් ලැබු ඛණ්ඩායම් දෙක අතුරින් 12 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුව පරදවමින් 11 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව ශූරතාවය දිනා ගන්නා ලදී.

මෙම පැසිපන්දු තරඟාවලිය 23 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ෂෙවන්ත් කුලතුංගගේ උපදෙස් මත 231 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් දිලූප බණ්ඩාර විසින් සංවිධානය කරන ලදී.

කුසලාන ප්‍රදානෝත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 23 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ෂෙවන්ත් කුලතුංග සහ 231 බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් දිලූප බණ්ඩාර සහභාගී වූහ.

අවසන් මහා තරඟය සහ සම්මාන ප්‍රදානෝත්සවය සඳහා ඒකක අණදෙන නිළධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයින් පිරිසක් එක්ව සිටියහ.