Header

Sri Lanka Army

Defender of the Nation

07th November 2022 05:45:48 Hours

58 වන සේනාංකයෙන් විවිධ දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන පවුල් සඳහා වියළි සලාක

58 වන සේනාංක මූලස්ථානය විසින් සංවිධානය කරන ලද පුත්තලම ප්‍රදේශයේ විවිධ දුෂ්කරතා මධ්‍යයේ ජීවත්වන අඩු ආදයම්ලාභි පවුල් 20 සඳහා වියළි සලාක පාර්සල් පරිත්‍යාග කිරිමේ වැඩසටහනක් ඉකුත් සිකුරාදා (04) දින ක්‍රියාත්මක කරන ලදී

58 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් විපුල ඉහලගේ ගේ මඟපෙන්වීම යටතේ සංවිධානය කරන ලද මෙම වැඩසටහන සඳහා එතුමන්ගේ සම්බන්ධීකරණයෙන් නෝර්වේ රාජ්‍යයේ වෙසෙන පරිත්‍යාගශීලියෙකු විසින් අනුග්‍රහකත්වය දක්වන ලදී.

මෙහිදි සෑම ප්‍රතිලාභියෙකුටම දිවා ආහාර වේලකින් සංග්‍රහ කරන ලදී.