Header

Sri Lanka Army

Defender of the Nation

07th November 2022 06:15:48 Hours

යුද්ධ හමුදාවේ සම්බන්ධීකරණයෙන් දිඹුලාගල ප්‍රදේශයේ සිසුන් සඳහා පාසල් පාවහන්

ආරක්‍ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 23 වන සේනාංකයට අයත් 233 බලසේනා බලප්‍රදේශයේ පිහිටි 9 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් විසින් දිඹුලාගල අධ්‍යාපන කලාපයට අයත් පාසල්වල සිසුන් වෙත ඉකුත් බදාදා (02) දින දිඹුලාගල කලාප අධ්‍යාපන කාර්යාල පරිශයේදී පාසල් පාවහන් යුගල 60 ක් පරිත්‍යාග කරන ලදී.

23 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ෂෙවන්ත් කුලතුංග ගේ උපදෙස් පරිදි අඛණ්ඩව ක්‍රියාත්මක කරන ලද පරිත්‍යාග වැඩසටහන් මාලාවට සමගාමීව ක්‍රියාත්මක කරනු ලැබු මෙම වැඩසටහන සඳහාද මේජර් ජෙනරල් චන්න ගුණතිලක (විශ්‍රාමික) සම්බන්ධීකරණයෙන් සීමාසහිත ‘Ceylon Leather Products’ ආයතනය අනුග්‍රහකත්වය දක්වන ලදී. ඔවුන්ගේ අනුග්‍රහකත්වය මත අදියර කිහිපයක් යටතේ මෙම අධ්‍යාපන කලාපයේම පාසල් සිසුන් සඳහා පාසල් පාවහන් යුගල 5761ක් මේ දක්වා ලබා දී ඇත.

මෙම පරිත්‍යාග වැඩසටහන සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මේජර් ජෙනරල් ෂෙවන්ත් කුලතුංග සහභාගී වූ අතර තවද එම අවස්ථාව සඳහ කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ චන්දිමාලා වාසලමුදලි මහත්මිය, 233 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් වසන්ත හේවගේ, 232 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් ප්‍රියන්ත මලවරගේ, 9 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ඩබ්ලිව්.එම්.ටී.ඩී.ඩී වනිගසේකර, විදුහල්පතිවරුන්, ගුරුවරුන්, දෙමාපියන්, නිලධාරීන්, සෙසු නිලයින් සහ පරිත්‍යාගශීලීන්ගේ නියෝජිතයින් පිරිසක් එක්ව සිටියහ.