Header

Sri Lanka Army

Defender of the Nation

31st October 2022 21:32:51 Hours

යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් සෙවණපිටිය විහාරස්ථානයට නවතමයෙන් බුද්ධ මන්ධිරයක් ඉදිකර දෙයි

සෙවණපිටිය, මලින්ද ශ්‍රී සුවර්ණ පහන පුදබිම විහාරස්ථානයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ ඉල්ලීම පරිදි යුද්ධ හමුදා භටපිරිස්හි ශ්‍රමදායකත්වය මත ඉදිකරන ලද නව බුද්ධ මන්ධිරය ඔක්තෝබර් 23 දින ආගමික වතාවත් මධ්‍යයේ බෞද්ධ වන්දනාමාන කටයුතු සඳහා බුද්ධ ශාසනය වෙනුවෙන් පූජා කෙරිණි.

සෙවණපිටිය විහාරස්ථානයේ විහාරාධිපති තික්කාන්පතානේ රතනදීප හිමියන්ගේ ආරාධනයෙන්, ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් ප්‍රියන්ත ජයවර්ධන වාර්ෂික කඨින පූජෝත්සව අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි වූ අතර, එහිදී නවතමයෙන් ඉදිකරන ලද බුද්ධ මන්ධිරය බුද්ධ ශාසනය වෙනුවෙන් පූජා කරන ලදී. නව බුද්ධ මන්ධිරය ඉදිකිරීම සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ රාජකාරියෙහි නියුතු භටපිරිස්හි තාක්‍ෂණික ශිල්පීය දැනුම භාවිතා කරමින් අලංකාරවත්ව නිර්මාණය කරන ලදී.

මහා සංඝරත්නයේ ප්‍රධාවත්වයෙන් පැවති මෙම උතුම් පිංකම සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර ප්‍රධාන සිවිල් සම්බන්ධීකරණ නිලධාරී කර්නල් රජීව් ප්‍රනාන්දු, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසුනිලයින් සහ ප්‍රදේශයේ සැදැහැවත් දායක දායිකාවන් පිරිසක් සහභාගී වූහ.