Header

Sri Lanka Army

Defender of the Nation

31st October 2022 21:04:32 Hours

යුද්ධ හමුදා යහ සාධක අරමුදල පිළිබඳ දැනුවත් කිරීමේ දේශනයක් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයේදී

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනල් සුජීව සෙනරත් යාපා විසින් ලබදුන් උපදෙස් මත, යුද්ධ හමුදා යහ සාධක අරමුදල පිළිබඳව එම මූලස්ථානයේ රාජකාරියෙහි නියුතු නිලධාරීන් සහ සෙසු නිලයින් දැනුවත් කිරීමේ අරමුණින් ඉතා හරවත් දේශණයක් ඔක්තෝබර් 25 දින පවත්වනු ලැබූහ.

යුද්ධ හමුදාවේ සාමාජිකයින් අතර, මුදල් නිසි පරිදි කළමණාකරනය කිරීම සහ එහි වැදගත්කම පිලිබඳව දැනුවත් කිරීමේ අරමුණින් යුද්ධ හමුදා යහසාධක අරමුදලේ ප්‍රධාන විධායක නිලධාරී ලුතිනන් කර්නල් ආර්.එම් බාලසූරිය විසින් මෙම දේශනය පවත්වනු ලැබීය.

මෙම දේශණයේ සමාරම්භක අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායක මේජර් ජෙනරල් තුසිත සිල්වා සහභාගී වූ අතර, දේශනය සඳහා එම බලසේනාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයින් පිරිසක් සහභාගි වූහ.