Header

Sri Lanka Army

Defender of the Nation

28th October 2022 16:22:44 Hours

තල්සෙවන යුද්ධ හමුදා නිවාඩු නිකේතනයේදී පැවති මූලික සූපවේදී පාඨමාලාව සාර්ථකව අවසන්

යාපනය ප්‍රදේශයේ සේවයේ නියුතු සූපශාස්ත්‍රය පිළිබඳ උනන්දුවක් දක්වන භටපිරිස් වෙනුවෙන් ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් චන්දන විජයසුන්දර ගේ මගපෙන්වීම යටතේ සැප්තැම්බර් මස 20 දින තල්සෙවන යුද්ධ හමුදා නිවාඩු නිකේතනයේදී මූලික සූපවේදී පාඨමාලාව ආරම්භ කරනු ලැබීය.

සෙසුනිලයන් 19 දෙනෙකුගේ සහභාගීත්වයෙන් දින 35 ක් පුරාවට පැවති මෙම පාඨමාලාවේදී බටහිර සහ පෙරදිග ආහාරපාන පිලියෙල කිරීම සබැඳිව පුහුණුව ලබාදුන් අතර පාඨමාලාවට සහභාගි වූවන් සඳහා සහතිකපත් ප්‍රදානය කිරීමේ උත්සවය 2022 ඔක්තෝබර් මස 25 දින තල්සෙවන යුද්ධ හමුදා නිවාඩු නිකේතනයේදී පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය සහභාගී විය.

මෙම අවස්ථාව සඳහා බ්‍රිගේඩියර් පාලන හා භඨකාර්ය සම්පාදන බ්‍රිගේඩියර් අනුර බණ්ඩාර ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් ද එක්වූහ.