Header

Sri Lanka Army

Defender of the Nation

28th October 2022 16:24:44 Hours

ගමනාගමනය අවහිර වන ලෙස වැටී තිබූ ගසක් ඉවත් කිරීමට 6 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස්හී සහයෝගය

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අත්තනගල්ල - නිට්ටඹුව මාර්ගයේ ගමනාගමනය අවහිර වන ලෙස වැටී තිබිණු ගසක් ඉවත් කිරීමට පසුගිය අඟහරුවාදා (25) දින14 වන සේනාංකය යටතේ ස්ථාපිත 141 වන බලසේනාවට අයත් 6 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් කටයුතු කරනු ලැබූහ.

ගම්පහ මාර්ග සංවර්ධන අධිකාරියේ බලධාරීන්ගේ සහ සිවිල් වැසියන්ගේ සහයෝගය මත යුද්ධ හමුදා සාමාජිකයින් 10 දෙනෙකුගෙන් යුත් පිරිසක් විසින් ලක් සතොස හන්දිය අසල රථ වාහන ගමනාගමනයට බාධා එල්ලවන අයුරින් වැටී තිබූ එම දැවැන්ත ගස ඉවත් කර මාර්ගයේ ගමනාගමන පහසුකම් සලසාදීමට කටයුතු කල අතර, එය නිලධාරියෙකුගේ සමීප අධීක්‍ෂණය යටතේ සිදුකරන ලදී.