Header

Sri Lanka Army

Defender of the Nation

27th October 2022 16:26:48 Hours

මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබූ 66 වන සේනාංකයේ සේනාංකාධිපතිට උණුසුම් පිළිගැනීමක්

මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබූ 66 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ජනක ප්‍රියදර්ශන පසුගිය සෙනසුරාදා (15) දින එම සේනාංක මූලස්ථානයේදී පැවති විශේෂ උත්සවයකදී හමුදා සම්ප්‍රදායානුකූලව පිළිගනු ලැබීය.

සේනාංක මූලස්ථානය වෙත සපැමිණි මේජර් ජෙනරල් ජානක ප්‍රියදර්ශන වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කරන ලදී. ඉන් අනතුරුව, එතුමන් භටපිරිස් ඇමතුවේය.

මෙම අවස්ථාව සඳහා 66 වන සේනාංකය යටතේ සේවයේ නියුතු සියලු බලසේනාධිපතිවරුන්, මාණ්ඩලික නිලධාරින්, අණදෙන නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද එක්වූහ.