Header

Sri Lanka Army

Defender of the Nation

27th October 2022 16:31:31 Hours

යුද්ධ හමුදා සෙපැක් ට්‍රැක්රෝ ක්‍රීඩකයින් ශුරතාවයන් හතරක් දිනාගනී

මහනුවර මහ නගරසභා පිටියේදී ඔක්තෝබර් මස 22 දින සිට 23 දින දක්වා ඉසව් කාණ්ඩ 6 ක් යටතේ පැවති 16 වන ජාතික සෙපැක් ට්‍රැක්රෝ ශූරතාවලියේදී (National Sepak Takraw Championship) යුද්ධ හමුදා ක්‍රීඩකයින් ශූරතාවයන් 4 ක් දිනාගැනීමට සමත්විය.

ඒ අනුව, පිරිමි Hoops, කාන්තා Regu, කාන්තා Hoop සහ කාන්තා ද්විත්ව යන ඉසව්වල ශූරතාවයන් යුද හමුදා කාන්තා ‘ඒ’ කණ්ඩායම විසින් දිනාගත් අතර අනුශූරතාවය යුද්ධ හමුදා පිරිමි ‘ඒ’ කණ්ඩායම දිනා ගන්නා ලදී. යුධ හමුදා කාන්තා ‘බී’ කණ්ඩායම පිළිවෙළින් Hoops, Regu සහ ද්විත්ව කාණ්ඩයන්හී අනුශූරතාවයන් හිමිකරගත්හ. එම කාණ්ඩ 6 හි ශූරතා 4 ක් යුද්ධ හමුදා ක්‍රීඩකයින් විසින් දිනාගත්හ.

යුද්ධ හමුදා සෙපැක් ට්‍රැක්රෝ කමිටු සභාපති බ්‍රිගේඩියර් උපුල් කොඩිතුවක්කු ගේ උපදෙස් මත මෙම කණ්ඩායම්, ශූරතා තරගාවලියට සහභාගි වීමට පෙර පුහුණුවීම්වල නිරත වූහ.

සෙපැක් ට්‍රැක්රෝ යනු ක්‍රීඩකයින් සිය පාද, දණහිස, පපුව සහ හිස පමණක් භාවිතා කරමින් පන්දුව ස්පර්ශ කර පන්දුව හසුරුවන පාද වොලිබෝල් ක්‍රීඩාවකි. ක්‍රීඩාවේ නීති රීති වොලිබෝල් ක්‍රීඩාවට බෙහෙවින් සමාන වේ. අග්නිදිග ආසියාව පුරා ඉතා ජනප්‍රිය ක්‍රීඩාවක් වන මෙම ක්‍රීඩාව වේවැල් හෝ සින්තටික් බෝලයක් භාවිතයෙන් ක්‍රීඩා කරයි. වර්ෂ 1990 සිට සෙපැක් ට්‍රැක්රෝ ක්‍රීඩාව ආසියානු ක්‍රීඩා උළෙලට ඇතුළත් විය.

ශූරතාවලියේ හොඳම ක්‍රීඩකයින් පහතින් දැක්වේ:

හොඳම Hoop ක්‍රීඩකයා - සංඥා සෙබල එච්.ටී.ආර්. සඳරුවන්

හොඳම Hoop ක්‍රීඩිකාව - ලාන්ස් කෝප්‍රල් එස්. ගම්පතිරණ

හොඳම ප්‍රහාරක (පිරිමි) - ලාන්ස් කෝප්‍රල් ජේ.ඩී.පී. සිල්වා

හොඳම ප්‍රහාරක (කාන්තා) - සාමාන්‍ය සෙබල ඩබ්ලිව්.ජී.ඕ.එස්. ජයම්පති

හොඳම Feeder (කාන්තා) - ලාන්ස් කෝප්‍රල් කේ.ඩී.එන්.පී. කරුණාරත්න

හොඳම Tekong ක්‍රීඩකයා (කාන්තා) - සාමාන්‍ය සෙබල එන්. මදුෂානී