Header

Sri Lanka Army

Defender of the Nation

27th October 2022 16:22:56 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය පරිශ්‍රයේදී ඉංග්‍රීසි භාෂා පුහුණු පාඨමාලා අංක 5 ඇරඹේ

ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ සේවයේ නියුතු විවිධ රෙජිමේන්තුවලට අයත් සෙසුනිලයන් 30 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් වෙනුවෙන් 2022 ඔක්තෝබර් මස 25 දින එම මූලස්ථාන පරිශ්‍රයේදී විශේෂ ඉංග්‍රීසි භාෂා පුහුණු පාඨමාලා අංක 5 ආරම්භ කෙරිණි.

ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් චන්දන විජයසුන්දර ගේ මගපෙන්වීම සහ අධීක්‍ෂණය මත පැවති මෙම පාඨමාලාව උතුරු ප්‍රදේශයේ සේවයේ නියුතු භටපිරිස්හී ඉංග්‍රීසි භාෂා දැනුම ඉහළ නැංවීමේ අරමුණින් පැවැත්විණි.

පාඨමාලාවේ සමාරම්භක උත්සවයට සහභාගි වූ ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය කර්නල් ප්‍රධාන මාණ්ඩලික කර්නල් කේ.ඒ පුෂ්ප කුමාර විසින් සමාරම්භක දේශනය පවත්වමින් ඉංග්‍රීසි භාෂාව ඉගෙනීමේ වැදගත්කම පිළිබඳ අවධාරණය කරන ලදී. මෙම අවස්ථාව සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය නිලධාරීන් සහ කොමිෂන් නොලත් නිලධාරින් කිහිපදෙනෙකු ද එක්වූහ.