Header

Sri Lanka Army

Defender of the Nation

27th October 2022 16:38:20 Hours

දැඩි වර්ෂාවෙන් හානියට පත් මාර්ගය විජයබාහු පාබල රෙජිමේන්තු මධ්‍යස්ථානයේ භටපිරිස් විසින් කඩිනමින් යතා තත්ත්වයට පත්කරයි

අධික වර්ෂාපතනය හේතුවෙන් පසුගිය බදාදා (19) දින ඉබ්බාගමුව, පෙරියකඩුනෙලාව, බත්තල්ගොඩ වැවට යාබදව පිහිටි මාර්ගය නාය යාම හේතුවෙන් ඇති වූ ගමනා ගමන දුෂ්කරතාවයන් මඟහරවා නැවත යථා තත්ත්වයට පත්කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම විජයබාහු පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ භටපිරිස් කඩිනමින් සිදුකරනු ලැබූහ.

නාය යෑම හේතුවෙන් මාර්ගයේ ගමනාගමනයට මෙන්ම ඒ අවට ප්‍රදේශවාසීන්ටද ඇති වූ දුෂ්කරතාවයන් මගහරවාලමින් ප්‍රදේශයේ මාර්ග නඩත්තු කටයුතු පිළිබඳව අදාළ බලධාරින් වෙත දැනුම්දීමට ප්‍රථම යුද්ධ හමුදා භටපිරිස් විසින් වැලි කොට්ට අතුරා එම මාර්ගය නැවත පිළිසකර කර ප්‍රදේශ වාසීන්ට සහන සැලසීමට කටයුතු කරනු ලැබීය.

එම මාර්ගය නැවත යථාතත්වයට පත්කිරිමේ ප්‍රජා සත්කාරක වැඩසටහන සඳහා විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් 20 දෙනෙකුගේ පමණ නොමසුරු දායකත්වය හිමි වූ අතර, එම අවස්ථාව නිලධාරීන්ගේ දැඩි අධීක්‍ෂණය යටතේ සිදුකරන ලදී.